මෙහිදී ද්විපාර්ශවික කටයුතු පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.
මෙහිදී සහකාර රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලින මිත්‍රත්වයක් පවතින බවත් එය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මේ වනවිට යහපත් පසුබිමක් නිර්මාණය වී ඇති බවයි. ඇය තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව වැනි පරිනත ආරක්‍ෂක හමුදාවක් සිටින රටක් එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවට සම්බන්ධව කටයුතු කිරීම සතුටක් බවත් පසුගිය කාලසීමාවට වඩා වැඩි, වඩාත් යහපත් සබඳතාවයක් ශ්‍රී
ලංකාව සමග ඇතිකරගැනීමට ඉදිරියේ දී හැකියාව ලැබෙනු ඇති බවත්ය.
ශ්‍රී ලංකා හමුදාවට එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා වඩා වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙසත් නව රජය බලයට පත්වී ඉතා කෙටි කාල සිමාවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ කැපීපෙනෙන සාධනීය වෙනස්කම් රාශියක් වර්ධනය කරගැනීමට හැකියාව ලැබුණ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාව සිහිවිම පිණිස ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදුවිය.
DB