නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් දිනයට විශේෂ රථවාහන සැලැස්මක්

    පෙබරවාරි 03, 2015
    හෙට (04) ට යෙදී ඇති 67වැනි ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආශ්‍රිත මාර්ග කිහිපයක් පෙරවරු 6.00 සිට 11.00දක්වා වසාතැබීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.
     
    ඒ අනුව කිඹුලාවල හන්දියේ සිට කියැන්හෑම් වටරවුම දක්වා ජපන් මිත්‍රත්ව පාලම, පොල්දූව හන්දිය සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර, HND වටරවුම සිට කියන්හෑම් වටරවුම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, පැලවත්ත හන්දියේ සිට කියැන්හෑම් වටරවුම දක්වා වු පැලවත්ත පාර හා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති මාර්ග මෙලෙස වසා තැබෙනු ඇත.
     
    මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරමින් සිදුවන අපහසුතා මගහරවාගන්නා ලෙසත් එම මාර්ග භාවිත කරන්නන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.
     
    නිදහස් දින රථවාහන හා සෙසු රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 3000ක් පමණ යොදවා ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya