ඒ අනුව,
ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණය සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) විභාගය පෙබරවාරි 07දා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථානවලදී පැවැත්වෙන අතර ඒ සඳහා අයඳුම්කරුවන් 2200ක් පමණ ඉදිරිපත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ IIIවැනි ශ්‍රේණියට බඳවාගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2013 (2015) විභාගය පෙබරවාරි 14සහ 15දිනවලදී කොළඹ දී පැවැත්වේ. මේ සඳහා අයඳුම්කරුවන් 7813ක් පමණ සහභාගිවීමට නියමිතය.
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2014 (2015) විභාගය පෙබරවාරි 21 සහ 22දිනවලදී දිවයින පුරා පැවැත්වේ. මේ සඳහා අයඳුම්කරුවන් 65000ක් පමණ සහභාගිවීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨත්වය සහ කුසලතාවය මත විගණක පරීක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ IIවැනි පන්තියේ II ශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගය - 2014 (2015) පෙබරවාරි 21 සහ 22 දිනවලදී කොළඹ දී පමණක් පැවැත්වේ.
වන සංරක්ෂණ දෙපර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාර තනතුරට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය - 2014 (2015) පෙබරවාරි 22දා දිවයින පුරා පැවැත්වෙන අතර ඒ සඳහා 6500ක් පමණ වන
අයඳුම්කරුවන් පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB