නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට අඩු කෙරේ Featured

    ජනවාරි 21, 2015
    අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සඳහා පනවා තිබූ බදු ඉවත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
     
    ඒ අනුව අද මාධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් මෙසේය.
    ·92 ඔක්ටේන් පෙට්රල් ලීටරයක නව මිල රු. 117.00 (රුපියල් 33.00ක සහනයක්)
    ·95 ඔක්ටේන් පෙට්රල් ලීටරයක නව මිල රු. 128.00 (රුපියල් 30.00ක සහනයක්)
    ·සමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රු. 95.00 (රුපියල් 16.00ක සහනයක්)
    ·සුපිරි ඩීසල් ලීටරයක නව මිල රු. 110.00 (රුපියල් 23.00ක සහනයක්)
    ·භූමිතෙල් ලීටරයක නව මිල රු.65.00 (රුපියල් 16.00ක සහනයක්)
     
    ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් වෙනස්වීම හා වෙනත් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මත පදනම් ව රටේ ආර්ථිකයට ගැලපෙන අයුරින් ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ මුදල් අමාත්‍යතුමාගේ උපදෙස් මත ඉන්ධන සඳහා කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දින සියයේ වැඩපිළිවෙළට යටත්ව ඉන්ධන බදු ඉවත් කරන බවට පොරොන්දු විය. 
     
    NDH/DR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya