අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. නව රජයට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ නායකයන් එක් රැස්ව ඊයේ (20) පස්වරුවේ ගන්නා ලද තීන්දු තීරණ ප්‍රකාශයට පත්කිරීම මේ මාධ්‍ය හමුවේ අරමුණ බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඒ අනුව ඝාතනය වූ රවිරාජ් මන්ත්‍රීවරයා සම්බන්ධ පරීක්ෂණ, ජෝෂප් පරරාජසිංහම්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන්ගේ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කරන්න පරීක්ෂණ කණ්ඩායම් පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක මහතා ද එක්ව සිටියේය.
NDH