නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන නියෝජිතයන් වෙනුවෙන් චර්යාධර්ම පද්ධතියක්

    ජනවාරි 22, 2015
    ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්‌වා සෑම මහජන නියෝජිතයකු සඳහාම චර්යාධර්ම පද්ධතියක්‌ පෙබරවාරි 02 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
     
    මෙරට දේශපාලන ඉතිහාසයේ නිදහසින් පසු ප්‍රථම වරට මහජන නියෝජිතයන් සඳහා මෙවැනි චර්යාධර්ම පද්ධතියක්‌ හඳුන්වාදෙන පළමු අවස්‌ථාව මෙයයි. ජාතික විධායක සභාවේ තීරණයක්‌ මත මෙය ගෙන එනු ඇත. මේ චර්යාධර්ම පද්ධතිය කෙටුම්පත් කිරීම ජනතා විමුක්‌ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට පවරා ඇති බව අමාත්‍යවරයා කීය.
     
    ලංකාවේ විශාල වෙනසක් මේ මඟින් සිදු විය හැකියි. අද මන්ත්‍රීවරයා ලෙස හඳුන්වන පුද්ගලයා සම්පූර්ණයෙන් ම හෙට දවසේ මහජන සේවකයකු බවට පත්කිරීම සිදු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා චර්යාධර්ම පද්ධතිය හඳුන්වා දීමෙන් පසුව එහි තිබෙන නීතිරීති අනුව මන්ත්‍රීවරයකු වීමට ඉදිරිපත් වන පුද්ගලයකුට දෙවරක්‌ නොව දසවරක්‌ සිතා බලා නාමයෝජනා ලබා දීමට සිදුවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya