නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් තොටුපොළ තීරු බදු රහිත සියලු වෙළෙඳසැල් හි බලපත්‍ර අහෝසියි Featured

    ජනවාරි 20, 2015

    කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල පවත්වාගෙන යනු ලබන තීරු බදු රහිත සියලු වෙළෙඳසැල්වල බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නියෝග කරයි.

    විධිමත් නීත්‍යනුකූල පදනමෙන් තොරව මෙම වෙළෙඳසැල් සඳහා පසුගිය කාලය තුළ බලපත්‍ර නිකුත් කර ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදු වූ බව අමාත්‍යතුමා අද (20) සිය අමාත්‍යංශයේ පැවති අමාත්‍යංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී කියා සිටියේය.

     

    පිළිගත් ටෙන්ඩර් පටිපාටීන්ට අනුකූලව විධිමත් හා වඩා විනිවිදභාවයෙන් යුතුව නැවතත් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යතුමා ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.

     

    කටුනායක ගුවන් තොටුපොලේ තීරු බදු රහිත වෙළෙඳසැල් 56ක් පවතින අතර මත්තල එක් පුද්ගලයෙකුට පමණක් වෙළෙඳසැල් බලපත්‍රයක් නිකුත් කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya