නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති හා උප සභාපති පත් කෙරේ Featured

    ජනවාරි 20, 2015
    ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අනුර විජේපාල මහතා හා උපසභාපතිවරයා ලෙස නිහාල් වික්‍රමසූරිය මහතා පත් කර තිබේ. 
     
    ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වශයෙන් පත් කොට ඇති විජේපාල මහතා මීට පෙර 2010–2012 වර්ෂයේ ලංවිම උපසභාපතිවරයා වශයෙන් කටයුතු කොට ඇත. ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා නර්ඩ් ආයතනයේ ද සභාපතිවරයා වශයෙන් 2013-2014 වර්ෂවල සේවය කර ඇත. 
     
    උපසභාපතිවරයා වශයෙන් පත්කොට ඇති වික්‍රමසූරිය මහතා විදුලිබල මණ්ඩලයේ ආසන්නත ම සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කොට ඇත. විදුලිබල මණ්ඩලයේ වසර 35ක අත්දැකිම් ඇති වික්‍රමසූරිය මහතා, ලංකා විදුලබල මණ්ඩලයෙහි ඉංජිනේරුවරයෙක්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක්, අතිරේක සාමාන්‍යාධීකාරි සහ සාමාන්‍යාධිකාරි තනතුරු ද හොබවා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya