ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක යන මහත්වරු ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මුණ ගැසී සාකච්ඡා කළහ.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ ඒ ආරක්ෂක ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවක නිරත වු අතර සාකච්ඡාව
අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක ප්‍රධානීන් විසින් නව රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිහිවටන තිලිණයන් පිළිගැන්වීම ද සිදු කරන ලදහ.
DB