සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය මාරුවීමේ දී කාර්ය මණ්ඩල මාරු කිරීමේ ප්‍රතිපත්තියක් නැහැ Featured

    ජනවාරි 20, 2015
    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා සියලු ම සේවකයන්ගේ පූර්ණ සහයෝගය තමා බලාපොරොත්තු වන බවත්  රජයන් මාරුවන අවස්ථාවලදී මෙවැනි ස්ථානවල සිටින කාර්ය මණ්ඩලය මාරු කිරීම මෙම රජයේ ප්‍රතිපත්තියක් නොවන බව නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
     
    නව ආරක්ෂක  රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් රුවන් විජයවර්ධන මහතා  මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය අමතමිනි.
     
    ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා විසින් ප්‍රථමයෙන් ම නව අමාත්‍යවරයා පිළිබඳ ව කෙටි හැඳින්වීමක් කරන ලද අතර අනතුරුව පැමිණ සිටි කාර්ය මණ්ඩලය ඇමතූ නව අමාත්‍යවරයා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා විසින් තමන් කෙරේ විශාල විශ්ව--සයක් තබා මෙම තනතුර භාරදුන් බවත් සෑම කෙනෙකු විසින් ම රටේ ආරක්ෂාව ප්‍රමුඛස්ථානයේලා සලකන බැවින් ඒ සඳහා අමාත්‍යංශය මගින් සිදුකරනු ලබන කාර්යභාරය ඉතා උසස් මට්ටමින් හා දැඩි වගකීමකින් යුතුව කරගෙන යාම තම බලාපොරොත්තුව බවත් අවධාරණය කර සිටියේය. 
     
    ඉදිරියේ දී අප මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා සිය ජීවිත පූජාවෙන් ක්‍රියා කරන ලද රණ විරුවන් හා විශේෂයෙන් ම ඒ හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වී සිටින රණ විරුවන් හා ඔවුනගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සියලු දෙනා ම තමා සමග එක්වී  උපරිම සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාසය පල කළ අමාත්‍යවරයා ඉදිරියේ දී සියලු ම දෙනා හොඳින් දැන හඳුනාගෙන මෙම අමාත්‍යංශයේ වැඩ කටයුතු මීටත් වඩා හොඳින් කරගෙන යාමට තමා බලාපොරොත්තුවන බවද මෙහිදී පවසා සිටියේය.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ආරක්ෂක හමුදාවල නිලධාරීන්, සහකාර ලේකම්වරුන් හා සෙසු නිලයන් ඇතුලු සියලු ම දෙනා සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya