ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මිය ඊයේ (19) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා මුණ ගැසිණි. මෙහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රොබින් මූඩි මහත්මිය අතර දෙරටේ පවතින ආරක්ෂක සම්බන්ධතාවයන්, දෙරට අතර සිදුවන නීති විරෝධී මිනිස් ජාවාරම් පිළිබඳ ව හා අන්තර්ජාතික වශයෙන් දෙරටට ම වැදගත්වන ද්විපාර්ශ්වීය කරුණු පිළිබඳවත් සුහද සාකච්ඡා පැවැත්විණි. DB