සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල යුද හමුදා දූත පිරිසක් යුද හමුදාපතිතුමා හමුවෙයි

    ජනවාරි 18, 2015

    නේපාල මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් බිනෝජ්  බස්න්යට් ඇතුළු නිලධාරීන්  32 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පසුගිය බදාදා යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා හමු වූහ.


    මෙහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක හා මේජර් ජෙනරාල්  බිනෝජ්  බස්න්යට් දෙරටේ විශේෂ ආරක්ෂිත කරුණු සාකච්ඡා කළ අතර, අධ්‍යක්ෂ පුහුණු  බ්‍රිගේඩියර් කේ.පී.ඒ. ජයසේකර මහතා බහු මාධ්‍ය උපයෝගී කරගනිමින් යුද හමුදාවේ වගකීම් සහ කාර්යභාරයන් පිළිබඳ ව පැහැදිලි කිරීමක් ද සිදු කළේය.

    මෙම දූත පිරිස සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය. එහිදී  නාවික සහ ගුවන් හමුදා මූලස්ථාන, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙ හි ද සංචාරය කිරීමට නියමිතය.

    එසේම දිවයිනේ රැඳී සිටින කාලය තුළ සංස්කෘතික සහ ආගමික ස්ථාන නැරඹීමට ද කටයුතු කරනු ඇත.

     

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya