ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ විගණන අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය - 2014 ලබන 25 හා 31 දින දෙකෙහි කොළඹ දී පමණක් පැවැත්වෙන අතර සහකාර බන්ධනාගාර අධිකාරී/ සහකාර බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014ත් ජනවාරි 28, 29 හා 30 දිනයන් හිදී කොළඹදී පමණක් පැවැත්වෙනු ඇත.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විධායක නිලධර ගණයේ III ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික්) තනතුර සඳහා වන සීමිත තරග විභාගය - 2014 ජනවාරි 31 දින කොළඹ දී පමණක් ද කුසලතා මත රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියට උසස් කිරීම සඳහා වන තරග විභාගය - 2013 (2014) ජනවාරි 31 වන දින කොළඹදී පමණක් පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 1,346 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
රජයේ භාෂා පරිවර්තක සේවයේ I වැනි පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) ජනවාරි 31 හා පෙබරවාරි 01 දිනයන් හි කොළඹ දී පමණක් පැවැත්වෙන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
NDH