සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට හැරගිය මාධ්‍යවේදීන්ට නැවත මෙරටට පැමිණෙන්නැයි නව මාධ්‍ය අමාත්‍යවරයා ආරාධනා කරයි

    ජනවාරි 16, 2015
    පසුගිය සමය තුළ විවිධ හේතු මත විදේශගතව සිටින මාධ්‍යවේදීන්ට පෙරළා මෙරටට පැමිණෙන්නැයි රජය අද ආරාධනා කළේය.
     
    නව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සිය ධුරයේ වැඩ භාරගනිමින් මෙසේ ආරාධනා කළේය.
     
    2015 ජනවාරි 08වැනි දින පැවැති ජනාධිපතිවරණයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු ව පත්කරන ලද නව රජයේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කරන ලදී.
     
    නරාහේන්පිට පිහිටි සිය අමාත්‍යංශ කාර්යාලයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා කතා කළ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
     
    "පසුගිය රජය සමය තුළ නිදහස් මාධ්‍යවේදීන්ට ස්වයං වාරණ පනවා කටයුතු කිරීමට සිදු විය. ඒ නිසා මාධ්‍යවේදීන්ට නිදහසේ තම පෑන හසුරුවාලීමට නොහැකි විය. මෙවන් තර්ජන මධ්‍යයේ කටයුතු කළ ඇතැම් මාධ්‍යවේදීන්ට හිංසාපීඩා ඇති වූ හෙයින් ඔවුන් විදේශගත විය".
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ රජය රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යයට සැබෑ නිදහස ලබාදීමට කටයුතු යොදමින් පවතින බැවින් විදේශ ගත වූ සියලු මාධ්‍යවේදීන්ට නැවත තම මාතෘ භූමිය වෙත පැමිණ තම පෑන නිදහසේ හසුරුවන්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.
     
    රජයේ හොරණෑව ලෙස රාජ්‍ය මාධ්‍ය පත්වූ නිසා ජනතාව එයින් ඈත් විය. ඉන්පසු එම ජනතාව එම රජයෙන් ද ඈත් වුහ. එවන් ඛේදවාචකයක් රාජ්‍ය මාධ්‍යයට නැවත ඇතිවීමට ඉඩ නොතබන බවට ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
     
    මෙරටේ සංස්කෘතික හා සභ්‍යත්වය රැකෙන අයුරින් වැඩසටහන්වල ප්‍රමිතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයද හෙතෙම අවධාරණය කළේය.
     
    නව රජය දින 100යේ වැඩසටහන යටතේ පොරොන්දු වූ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනතක් දින 100 ඇතුළත පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා බව කී හෙතෙම එමගින් මෙරටේ ඕනෑම පුරවැසියෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයඳුම්පත්‍රයක් සම්පූර්ණ කර දී  අදාළ රාජ්‍ය ආයතනනය හරහා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල විස්තර ලබාගැනීමට හැකිවනු ඇතැයි ද කීය.
     
    මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. මීට අමතර ව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, නව රජයේ අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, රාවුෆ් හකීම් ඇතුළු අමාත්‍යවරු ද, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්.ටී.එන්. අමරතුංග මහත්ම මහත්මීහු සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්හි ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya