සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වැඩ භාරගනී

    ජනවාරි 16, 2015
    නව රජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ රුවන් විජයවර්ධන මහතා අද (16) පෙරවරුවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.
     
    ජාතික යොවුන් පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන විජයවර්ධන මහතා වසර 12කට පසු ජනාධිපතිවරයා හැරෙන්නට ආරක්‍ෂක අමාත්‍ය ධූරයේ ඇමතිවරයෙකු ලෙස වැඩ භාරගත් පළමු අමාත්‍යවරයා වෙයි. 
     
    සර්ව ආගමික වතාවත් මධ්‍ය යේ සිය වැඩ ආරම්භ කළ අමාත්‍යවරයා රටේ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරමින් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන රණ විරුවන්ගේ අභිමානය වර්ධනය කරන වැඩපිළිවෙළක් ඉදිරියේදී දියත් කරන බව පැවසීය. රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ගේ පවුල්වල දූ දරුවන් ඇතුළු යැපෙන්නන්ගේ අවශ්‍යතා සඳහාත් ඉදිරියේදී ප්‍රමුඛතාව ලබාදෙන බව ඔහු මෙහිදී සඳහන් කළේය.
     
    මේ අවස්ථාවට මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යු.ඩී. බස්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති , සිවිල් ආරක්ෂක බලකාය සහ වෙරළ ආරක්ෂක බලකා ප්‍රධානීහු පවුලේ සාමාජිකයෝ සහ එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya