නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේ ජෝශප් වාස් මුනිතුමන් ශුද්ධවරයට ඔසවයි Featured

    ජනවාරි 14, 2015

    අද (14) පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේ දී පැවැත්වූ අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන දිව්‍ය පූජා යාගයේ දී පාප් වහන්සේ විසින් ජෝශප් වාස් මුනිතුමන් ශුද්ධවරයට ඔසවන ලදී.

    ඒ අනුව ශුද්ධවු ජෝශප් වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා වේ.

     

    දෙස් විදෙස් කිතුනු බැතිමතුන් ලක්ෂ 5ට අධික පිරිසක් සහභාගි වූහ. මෙම දිව්‍ය යාගය සඳහා දෙස් විදෙස් කතෝලික අගරදගුරු පියතුමන්ලා, රදගුරු පියතුමන්ලා, පියතුමන්ලා, කන්‍යා සෙහොයුරියන් හා පැවිදි සෙහොයුරු සොහොයුරියන් ඇතුළු ආගමික නායකයින් රැසක් ද සහභාගි වී සිටියහ.

     

    දිව්‍ය යාගයෙන් අනතුරුව ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්විණි. අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිහි කිරීමට හා ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා නම් කිරීම හේතුවෙන් පාප් වහන්සෙගේ සහ ශුද්ධවු ජෝශප් වාස් මුනිතුමන්ගේ රුව රැගත් සමරු ඵලක ඇතුළු භාණ්ඩ සුළු මුදලකට මිලදී ගැනීමට ද සහභාගී වී සිටි බැතිමතුන්ට එහිදී අවස්ථාව හිමි විය.

     

    අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද පස්වරුවේ මඩු දේවස්ථානය බලා පිටත්ව යාමට නියමිතය. එහි දී පස්වරු 03.30ට පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් දේවමාතාවන්ට කෙරෙන විශේෂ යාච්ඥා මෙහෙයක් ද පවත්වනු ඇත.

     

    SDF

    Pope Francis holds a Holy Mass at Galle Face Green Colombo 2

    Pope Francis holds a Holy Mass at Galle Face Green Colombo 34

    Pope Francis holds a Holy Mass at Galle Face Green Colombo 10

     

    POPe

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya