උතුරු පළාතේ වව්නියාව ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට විවිධ වෙබ් මාධ්‍ය ඔස්සේ පළ වී ඇති පදනම් විරහිත ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පී.ආර්. වනිගසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ප්‍රදේශයේ ජන ජීවිතය ඉතා සාමකාමීව පවතින බව තහවුරු කරන බව ද අද (13) නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
NDH