සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන 15 දක්වා පෙළපාලි, පෙරහර තහනම්

    ජනවාරි 11, 2015

    ලබන 15 දින දක්වා ජනාධිපතිවරණ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් පෙළපාලි, පෙරහර, රැලි හෝ වෙනත් ආකාරයේ මහජනතාව රැස්වන උත්සව සංවිධානය තහනම් බව පොලිසිය පවසයි.


    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, රතිඤ්ඤා, අහස් කූරුවලින් හෝ කිසිවෙකුට හිරිහැර කිරීම ජනාධිපතිවරණ නීතිය අනුව අත් අඩංගුවට ගත හැකි වරදක් බවයි.

    ගිනිකෙළි භාවිත කිරීම වැනි සිද්ධීන්වලින් ද මහජනතාවට හිරිහැර කළ නොහැකි බවත්  මේ පිළිබඳ දිවයිනේ සියලු ම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya