සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන ප්‍රචාරයක් Featured

    ජනවාරි 11, 2015

    පශ්චාත් මැතිවරණ සමයෙහි එනම් 2015 ජනවාරි මස 09 සහ 2015 ජනවාරි මස 10 යන දෙදින තුළ යාපනය ඇතුළු උතුරු පළාතෙහි හමුදා කඳවුරු කිහිපයකට යම්කිසි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවටත් විවිධාරකාර පිරිමි හඬවල් ඇසුණු බවටත්, තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ කොඩිය ඔසවා තැබු බවටත් මිථ්‍යා මතයක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයක් සිදුකර ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කරයි.


    මෙම පදනම් විරහිත ප්‍රචාරයන්හි කිසිදු සත්‍යක් නොමැති අතර උතුරු සහ නැගෙනහිර දෙපළාත දිවයිනේ අනෙකුත් පළාත් මෙන් ඉතා සාමකාමීව පවතී. එම ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කර ඇති අතර කිසිදු කඩාකප්පල් ක්‍රියාවක් සිදුවී නොමැති බවත්, එවන් ක්‍රියා සිදුකිරීමට කිසිවෙකු හට ඉඩ ප්‍රස්ථාවක් නොමැති බවත් මින් තහවුරු කෙරේ.

     

     

    - ආරක්ෂක අමාත්‍යංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya