සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයග්‍රහණයේ සතුට සාමකාමීව සමරන්න

    ජනවාරි 09, 2015
    2015 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සමරනු වස් ශාරීරික හෝ මානසික වශයෙන් කිසිවෙකුටත් පීඩාවක් නොකරන ලෙසත් අවිහිංසාවාදී ලෙස ජයග්‍රහණයේ සතුට භුක්තිවිඳින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    පැවැති ජනාධිපතිවරණයේ දී ඉතාම අපක්ෂපාතීව මෙන් ම මධ්‍යස්ථ ලෙස කටයුතු කරමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන් ම මැතිවරණ රාජකාරීවල නියුතු වු සියලු රාජ්‍ය සේවකයන්ට සිය ස්තූතිය පුද කරන බවද සිරිසේන මැතිතුමා මෙහිදී පැවසීය.
     
    නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලීසිය දැක්වූ සහයෝගයට ද සිට ගෞරවනීය ස්තූතිය පුද කරන බවද කී අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ද සිය ස්තූතිය පුද කර සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya