සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත, පැහැබර කාලගුණ තත්වය තව දුරටත්

    ජනවාරි 10, 2015

    අද (10) දිවයින පුරා  ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයතව දුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද (10) උදෑසන 5.49ට නිකුත් කරන ලද අනාවැකියට අනුව සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැකිය.

     

    ඉදිරි දින  වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහින අපෙක්ෂා කළ හැකිය.

     

     

    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට අනුරාධපුරයට යාපනයට මඩකළපුවට ත්‍රිකුණාමලයට මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

     

    මහනුවරට නුවරඑළියට රත්නපුරයට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් සහ යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

     

     

    උෂ්ණත්වය හා වර්ෂාපතනය

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.0°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.

     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස්අංශක 33.4 °C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.3°C නුවරඑළියෙන් ද මි.මී. 9.5ක උපරිම වර්ෂාපතනය හිනිදුමප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya