1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ විධිවිධාන සහ මේ වන විට නිකුත් කොට ඇති ප්රතිඵල අනුව ඡන්ද 6, 217,162ක් ලබාගනිමින් 51.28%ක ප්රතිශතයක් ලබාගත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මැතිතුමා 7වැනි ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගත් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පැවසීය.
2015 ජනාධිපතිවරණය සඳහා පක්ෂ නියෝජිතයන්ගෙන් මෙන් ම ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් ලැබුණු සහයෝගයට ද මෙහිදී ඒ මහතා විසින් සිය ස්තූතිය පුද කර සිටියේය.
මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙහිදී 2015 ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කළ අභිනව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙත ද සිය උණුසුම් සුබපැතුම් පුද කර සිටියේය.