සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා සාමාජිකයන් මැතිවරණ කටයුතුවල යොදවා නැහැ

    ජනවාරි 08, 2015
    ශ්‍රී ලංකා නව ව්‍යවස්ථාව යටතේ පවත්වනු ලබන 8 වැනි ජනාධිපතිවරණය අද (08) පැවැත්වීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව සියලු කටයුතු යොදා ඇති බවත් එම මැතිවරණ කටයුතු සඳහා යුද, නාවික හෝ ගුවන් හමුදාවල මැදිහත්වීමක් සිදු නොවන බවත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අවධාරණය කර සිටියේය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 
     
    ඒ අනුව තේරීම් භාර නිලධාරීන්ගේ ඉල්ලීම මත ඡන්ද පෙට්ටි මුහුද මගින් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් (දූපත් සඳහා) නාවික හමුදාවේ සහය ද, එකී ඡන්ද පෙට්ටි ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ සඳහා ගුවන් හමුදාවේ සහය ද ලබාදෙන බව පැවසූ වනිගසූරිය මහතා ඡන්දය නිමාවීමෙන් අනතුරුව එකී තේරීම්භාර නිලධාරීන්ගේ ඉල්ලීම් මත එම ඡන්ද පෙට්ටි නැවත ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීම සඳහා ද එකී හමුදාවන්හි සහයෝගය ලබාදෙන බවත් ඒ ඒ අවස්ථාවන්හිදී හැර වෙනත් කිසිදු ඡන්ද කටයුත්තක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව හෝ ආරක්ෂක හමුදා සාමාජිකයන් නොයොදන බවද මෙහිදී පවසා සිටියේය.
     
    මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිසියේ 70,000කට ආසන්න පිරිසක් යොදවා තිබෙන බැවින් දිවයිනේ විශේෂිත ස්ථානයන්හි ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා එසේ මුදා හරින ලද පොලිස් සාමාජිකයන්ගේ ප්‍රමාණයට නැවත ඔවුන් එකී ස්ථානවලට එනතුරු යුද හමුදා සාමාජිකයන් යොදවා ඇත.
     
    ඒ අනුව ඔවුන්ගේ සංඛ්‍යාවට අනුව 2000ට අඩු හමුදා සාමාජිකයන් පිරිසක් එකී පොලිස් සාමාජිකයන් මැතිවරණ කටයුතු නිමවා නැවත සේවයට වාර්තා කරන තුරු එකී ස්ථානයන්හි ආරක්ෂක කටයුතුවල යොදවා ඇත.
     
    මෙම තත්ත්වය සමහර මාධ්‍යන් මගින් වැරදි ආකාරයට අර්ථ දක්වා ඇති බවත් පවසා සිටි අතර එකී අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයන් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවද මෙහිදී වනිගසූරිය මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya