සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදීම ඇමරිකාවේ සහ ඉන්දියාවේ ඇගයුමට Featured

    ජනවාරි 07, 2015

    ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු වැඩබලන තානාපති සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී විලියම් වෙයින්ස්ටීන් මහතා අද (07) පස්වරුවේ ආර්ථික සංවර්ධන අමාතාංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ ක‍ළේය.

    මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ මැතිවරණ සමය හෝ ජනාධිපතිවරණය නිමාවීමෙන් පසු කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීමට රජය ඉඩ නොතබන බවය.

     

    ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිතයෙකු සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක්ද පැවති අතර සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදීම පිළිබඳව ඉන්දීය නියෝජිතයා එහිදී සතුට ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya