සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් ක්ෂේත්‍ර සංචාරයක

    ජනවාරි 08, 2015
    රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (07) උදෑසන කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනෙහි සිදුවන විහාර කර්මාන්තයක් නිරීක්ෂණය කිරීම සඳහා චාරිකාවක නිරත විය.
     
    මෙහිදී ආගමික වතාවත්වලට සහභාගි වූ ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් මහා සංඝයා වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කොට සෙත් ප්‍රාර්ථනා කළේය. පසුව ඉදිවෙමින් පවතින අභිනව සංඝාවාසය නිරීක්ෂණය කළ ලේකම්වරයා ඒ පිළිබඳ ව අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. පසුව එම විහාරස්ථානයට අනුබද්ධව ක්‍රියාත්මකවන මයින්ඩ්ෆුල් කිඩ්ස් (Mindful kids) පෙර පාසලේ නවීකරණය කරන ලද ගොඩනැගිල්ල නිරීක්‍ෂණයට ද සහභාගි විය.
     
    මෙම අවස්ථාව සඳහා විහාර වාසි මහා සංඝරත්නය වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක, බ්‍රිතාන්‍ය ජාතික රොකෝ කොන්ෆ්ර්ට්, කැතලින් රොබට්සන්, සිංගප්පුරු ජාතික එස්තර් කෝ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
     
    මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කඹුරාවල සිරි රේවත නා හිමි මෙම අවස්ථා මෙහෙයවන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya