සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සහයෝගිතා සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ සාමාජිකයන් එ.ජ.නි.ස. නියෝජිතයින් හමු වේ Featured

    ජනවාරි 07, 2015

    නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ආසියානු සහයෝගිතා සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ සාමාජිකයින් පිරිසක් අද දින එක්සත් ජනතා නිදහස් සංධාන නියෝජිතයින් හමුවූහ.


    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවති මෙම හමුව සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ඒ. එච්.එම්. ෆවුසි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


    නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ආසියානු සහයෝගිතා සංවිධානයේ නිරීක්ෂණ කණ්ඩායම නියෝජනය කරමින් දමාසෝ මැග්බවුල් (Damaso Magbaul), නාම් සංග් ඩක් (Nam Sang Duk) ඇතුළු පිරිසක් සහභාගී වූහ.


    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් රටේ නායකයා පත්කර ගැනීම සඳහා සර්වජන ජන්ද බලය ලැබී දැනට දශක 8කට අධික කාලයක් ගත වී ඇති බව නිරීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමු කරන ලදී. මෙම දශක 8ක කාලය තුළ මේ දක්වා නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වා ඇති බව පෙන්වා දෙන ලදී. එසේම පවතින නෛත‍්‍රික රාමුව තුළ ඉතාමත් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරන බව තමන්ට විස්වාශ බව මෙම අවස්ථාවේ දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ආසියානු සහයෝගිතා සංවිධානයේ නිරීක්ෂණ කණ්ඩායමට පෙන්වා දෙන ලදී.


    සුරක්ෂිත සහ නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය ආරක්ෂාවත් මැතිවරණ ක‍්‍රියාවලිය තුළ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරන බව තමන්ට සහතික විය හැකි යැයිද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    එසේම සමාජ වෙබ් අඩවි ජාලයන් මගින් සහ විවිධ වෙබ් අඩවි මගින් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන බව මේ අවස්ථාවට සහභාගී වෙමින් එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රම් ජයන්ත මහතා පැවසීය.

     

    Asian observers meet upfa 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya