අද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමු වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කියා සිටියේ සාමකාමි ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග අගය කරන බවය. අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී ක්‍රියා සිටියේ ඉකුත් වසර 10 මැතිවරණ ඉතිහාසය දෙස බලන විට සියලු මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණ බවය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ඇගයීමට ලක්කල බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඉදිරියටද එම වැඩසටහන්වලටද දිරිමත් කිරීම වෙනුවෙන් ලබාදෙන බවද කියා සිටියේය.
යුරෝපා කොමිසමේ රටවලට මත්ස්‍ය නිෂ්පාදනය සැපයූ ලොව දෙවන අපනයන රට වූයේ ශ්‍රී ලංකාවය. ධීවර අමාත්‍යාංශය මගින් යුරෝපා කොමිසම මගින් වසර 2010දී දෙන ලද නිර්දේශ ක්‍රියාවට නැංවීමක් හෝ ඒ පිළිබඳව සාධනීය මැදිහත්වීමක් සිදු නොවීම හේතුවෙන් 2002 නොවැම්බර් මසදී යළි අනතුරු ඇඟවීමක් සිදුකරමින් එම නිර්දේශ කිරීමට වසර දෙකක කාලයක් ලබාදුන්නේය. ඒ සඳහාද ධීවර අමාත්‍යාංශය නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ බැවින් මත්ස්‍ය නිෂ්පාදන අපනයන 2015 ජනවාරි මස සිට යුරෝපා කොමිසම මගින් තහනම් කරන ලදී.