සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයට සුදුසු සාමකාමී පරිසරයක් තිබෙනවා - ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය Featured

    ජනවාරි 07, 2015

    2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් තිබෙන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

    එම මධ්‍යස්ථාන ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක් වු ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර මහතා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් ඇති කර ගැනීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට සිය ස්තුතිය පළ කළේය.

     

    මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයේ යම් වර්ධනයක් ඉකුත් දිනවල සිදුවුණත් එය මේ වන විට අඩු වී තිබෙන බව පැවසුවේය.

     

    නීතිඥ චන්ද්‍රසිරි ද සිල්වා මහතා ජනාධිපතිවරණ පිළිබඳ අතුරු වාර්තාව ඉදිරිපත් කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හා ඡුන්ද දායකයාට කිසිදු බියක් සැකක් නොමැතිව ඡන්දය භාවිත කිරීමට අවස්ථාව උදා කිරීම ද ඒ අය දැනුවත් කිරීම නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කාර්යය බව පැවසීය.

     

    සමීක්ෂණ වාර්තාව පිළිබඳ කරුණු දැක්වු ඒ මහතා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය එම වාර්තා සකස් කර තිබෙන අතර මින් කොළඹ විශ්වවිද්‍යාලය සකස් කර ඇති වාර්තාව පිළිගත නොහැකි බව පැවසීය. එම වාර්තාව සකස් කිරීම ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ප‍්‍රතික්ෂේප කර තිබේ. (Priu)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya