සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු සංගම් නායිකාව මාරාන්තික උපවාසය අත්හරී Featured

    ජනවාරි 07, 2015

    ජනාධිපති අපේක්ෂකයකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් අහෝසිවන බව පවසමින් එය පරාජය කිරීමට එක්වන ලෙසට ඉල්ලමින් නිදහස් ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය කළ පස්දින මාරාන්තික උපවාසය ඊයේ (06) පස්වරුවේ අත්හැර දැමූ බව වාර්තා වේ.


    හඳපාන්ගොඩ මහත්මිය උපවාසය අත්හරිනු ලැබුවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම ස්ථානයට ගොස් වතුර වීදුරුවක් පොවා උපවාසය අත්හරින්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙනි. අමාත්‍ය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් අහෝසිවන ප්‍රතිපත්ති මෙරටේ ක්‍රියාත්මක වීමට ඉඩක් නැති බවය.


    එහිදී අදහස් දක්වමින් ශ්‍රීලනිප ජාතික සංවිධායකවර වැඩිදුරටත් කියා සිටියේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කරන ලද මෙම උපවාසය අභීත ක්‍රියාවක් බවද නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට කිසිදු ආකාරයෙන් හෝ හානියක් සිදුවීමට ඉඩ නොදෙන බවය.


    නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් නිදහස් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් සහ විදුහල්පති එකතුවේ සංවිධාන 20ක් මෙම උපවාසයට ක්‍රියාකාරීව සහය දුන් අතර හඳපාන්ගොඩ මහත්මිය උපවාසය ඇරඹුවේ ඉකුත් ජනවාරි 02 වැනිදාය. උපවාසය නිම වීමෙන් අනතුරුව ගුරු සංගම් සභාපතිනිය ගිලන් රථයකින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තලවතුගොඩ රෝහලකට පිටත් කර යැවීය.


    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්නාහිර ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya