සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසරලත් ඡන්ද කාර්යාල පවත්වාගෙන යාම අදින් අවසන්

    ජනවාරි 06, 2015
    ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල අද (06) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව පවත්වාගෙන යා නොහැක. 
     
    අවසරලත් නිවේදිත පක්ෂ කාර්යාලවල ඇති ප්‍රචාරක පුවරු ඉවත් කරවීම අද සිට සිදු කරනු ලැබේ. අද පෙරවරුවේ මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමට දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය මූලස්ථානවල පොලිස් නිලධාරීන්ගේ හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් පැමිණෙනු ඇත. එමෙන් ම හෙට (07) පෙරවරු වන විට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති පක්ෂ කාර්යාල ද ඉවත් කර ගත යුතුය.
     
    ඡන්ද විමසීම් නීතියට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන කාර්යාල වෙතොත් ඒවා ඉවත් කිරීමට ද පියවර ගනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya