සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජිතගේ උතුරේ ඡන්ද වර්ජන චෝදනාව අමාත්‍ය බැසිල් ප්‍රතික්ෂේප කරයි

    ජනවාරි 05, 2015
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් දෙමළ ඩයස්පෝරාවට අයත් වී. රුද්‍ර කුමාරන් නමැත්තාට යවන ලදැයි අඟවන ඊමේල් පණිවිඩයක් මගින් උතුරේ ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා කළ ප‍්‍රකාශය මුළුමණින්ම සාවද්‍ය එකක් යැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    රාජිත සේනාරත්න මහතා ජනවාරි 04 වැනි දින රාත‍්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකා වැඩසටහනකට සහභාගී වෙමින් ජනවාරි 08ට නියමිත ජනාධිපතිවරණය උතුරේ වර්ජනය කරන ලෙසත්, ඒ වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාවට උතුරේ දේශපාලන කටයුතු කිරීම සඳහා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඔවුන්ට අනුග‍්‍රහ ලබා දෙන බවට ප‍්‍රකාශ කර ඇතැයි එම ඊනියා ඊමේල් පණිවිඩයෙන් උපුටා දැක්වීය. 
     
    රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පරිදි This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයක් බැසිල් රාජපක්ෂ මහතා විසින් ලියාපදිංචි කර නොමැත. තොරතුරු තාක්ෂණය දියුණු මෙම යුගයේ  ඕනෑම කෙනෙකුගේ නමින් ව්‍යාජ ලෙස විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කර මඩ ප‍්‍රචාර සඳහා ඒවා යොදා ගැනීම අසීරු නොවන බව මේ රටේ ජනතාව හොඳින් දනිති.
     
    ජනාධිපතිවරණය සඳහා ජනතාවට පිළිගත හැකි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටින විපක්ෂය මෙම තීරණාත්මක අවස්ථාවේ ඉතා සැලසුම් සහගත හා ද්වේෂ සහගත අයුරින් රජයේ අමාත්‍යවරුන්ට හා එමගින් ජනාධිපතිවරයාට මඩ ගැසීමට කරන මෙවන් උත්සාහයන් හෙළා දකින අතර මහජනතාව හිතාමතා නොමග යැවීමට කරන මෙම නින්දිත උත්සාහයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අමාත්‍යවරයා අපේක්ෂා කරයි.
     
    පසුගිය සතියේ උතුරේ සංචාරය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ දී තම ඡන්දය පාවිච්චි කරන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා ඇති පසුබිමක ඡන්ද වර්ජනයක් ගැන දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොමැත.
     
     
    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya