සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීමට සියලු සේවා නියුක්තිකයන්ට නිවාඩු Featured

    ජනවාරි 05, 2015
    රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩුව පිළිබඳ ව ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 12.3 ඡේදයේ දක්වා ඇති පරිදි, ජනාධිපතිවරණයක් සඳහා අවම කාලය පැය 04ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය යැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සඳහා වැටුප් අඩුකිරීමක් නොමැති ව විශේෂ නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    මෙම නිවාඩු ලබාදීම පෞද්ගලික අංශයන් වෙත ද අදාළ වේ.
     
    ඒ අනුව සේවා ස්ථානයේ සිට තම ඡන්ද මධ්‍යස්ථානය වෙත ඇති දුර කිලෝ මීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කි.මී. 40ත් 100ත් අතර නම් දින එකක්, කි.මී. 100ත් 150ත් අතර නම් දින 1 1/2ක්, කි.මී. 150ට වැඩි නම් දින දෙකක් ද වශයෙන් නිවාඩු ලබාදීම සිදු කළ යුතුය.
     
    මෙලෙස යෝජනා කර ඇත්තේ අවම කාලය වන අතර දිවයිනේ සමහර ඡන්ද දායකයන්ට ඡන්ද පොළට යෑමට හා ඒමට දින තුනක් අවශ්‍යවන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙන හෙයින් අවස්ථානෝචිතව දින තුනක් නිවාඩු දීමට ද හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya