සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දය පිළිබඳ ප්‍රචාරයන් අසත්‍යයි Featured

    ජනවාරි 05, 2015
    තැපැල් ඡන්දදායකයන් විසින් ප්‍රකාශ කරනු ලැබූ තැපැල් ඡන්දවලින් අති බහුතරයක් ජනාධිපතිවරණය සඳහා තරග කරන එක් නිශ්චිත ජනාධිපතිධුර අපේක්ෂකයෙකු සඳහා ලැබී ඇති බවටත් හා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ උපනතිය අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනතාව ඡන්දය ප්‍රකාශ කරනු ලබන බැවින් දැනටමත් එකී අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇති බවටත් ගෙන යන ප්‍රචාරයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
     
    මේ නිසා ජනාධිපතිවරණ රාජකාරියේ නිරතවීමේ අපේක්ෂාවෙන් තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කර තැපැල් ඡන්දය රහසේ ප්‍රකාශ කළ රජයේ හා පොලිස් නිලධාරීන්, තැපෑලෙන් ඡන්දය දීමට හිමිකම් ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් සහ තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපෑලෙන් ඡන්දය දුන් ආකාරය හෙළිදරව් දී ඇති බවට හැඟීමක් මහජනතාව තුළ ඇතිවන බවටත් එමගින් ඡන්දය දීම සම්බන්ධයෙන් මහජනතාව තුළ අනියත බියක් ඇති බවටත් පැමිණිලි ලැබී ඇත.
     
    තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ ආකාරය කිසිවෙකුට සොයාගත නොහැකි අතරම එවැනි ප්‍රකාශන සාවද්‍ය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    ඡන්ද පොළේ දී ඡන්දදායකයෙකු විසින් ස්වකීය ඡන්දය දෙනු ලැබූවේ කුමන අපේක්ෂකයෙකුට ද යන්න කිසිවෙකුටත් සොයාගත නොහැකි හෙයින් නොබියව, ස්වකීය ඡන්දය තමන් කැමැති අයුරින් පාවිච්චි කළ හැකි බව ද සියලු ඡන්ද හිමියන් වෙත මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya