සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ සංචාරයට සමගාමීව වසා තබන පාසල්

    ජනවාරි 05, 2015

    අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරයට සමගාමීව ආරක්ෂක කටයුතු සඳහා යොදවාගනු ලබන ‍පොලිස් නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් ලබාදෙන පාසල් ජනවාරි 11 සිට 15 වැනි දින දක්වා පාසල් අධ්‍යයන හෝ ක්‍රීඩා වැනි බාහිර කටයුතු සඳහා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 


    එසේ වසා තබන පාසල් වන්නේ, 

    කොළඹ දකුණ - කුරුඳුවත්ත පොලිස් වසම - රාජකීය විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොල්ලුපිටිය පොලිස් වසම - මහානාම විද්‍යාලය, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, ශාන්ත මරියා බාලිකා විද්‍යාලය, බම්බලපිටිය පොලිස් වසම - විශාකා විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, ශාන්ත පාවුලු විද්‍යාලය, හින්දු පිරිමි විද්‍යාලය, ශාන්ත මරියා විද්‍යාලය, නාරාහේන්පිට පොලිස් වසම - ඉසිපතන විද්‍යාලය, බොරැල්ල පොලිස් වසම - කන්නන්ගර විද්‍යාලය, බණ්ඩාරනායක විද්‍යාලය, සුසමය වර්ධන විද්‍යාලය, සංඝමිත්තා බාලිකා විද්‍යාලය, රත්නාවලී බාලිකා විද්‍යාලය

     

    කොළඹ උතුර - කොටහේන පොලිස් වසම - කොටහේන කුමාර විද්‍යාලය, ගුණානන්ද විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම - ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලය, විජයබා විද්‍යාලය, ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලය, ශාන්ත අන්තෝනි දෙමළ විද්‍යාලය, බ්ලූමැන්ඩල් සිංහල විද්‍යාලය, අල් අසාර් විද්‍යාලය, බ්ලූමැන්ඩල් දෙමළ විද්‍යාලය, ජයන්ති විද්‍යාලය, දෙමටගොඩ පොලිස් වසම - හේමමාලී බාලිකා විද්‍යාලය, ඥානවිමලාරාම පන්සල

    කොළඹ මධ්‍යම - මාලිගාවත්ත පොලිස් වසම -  බාරොන් ජයතිලක විද්‍යාලය, රාජසිංහ විද්‍යාලය, මරදාන පොලිස් වසම - ආනන්ද විද්‍යාලය, අශෝක විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, විහාර මහාදේවි බාලිකා විද්‍යාලය, සංඝරාජ විද්‍යාලය, ආනන්ද බාලිකා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය, ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම - හෝලි රොසරි සිංහල විද්‍යාලය, හෝලි රොසරි දෙමළ විද්‍යාලය, සාරිපුත්ත විද්‍යාලය, ටී.බී. ජයා විද්‍යාලය, අල් ඉක්බාල් විද්‍යාලය වේ.

    11 සහ 12 සෙනසුරාදා සහ ඉරිදා වන අතර 15 වැනිදා තෛපොංගල් දිනය වන බැවින් පාසල් අධ්‍යයන කටයුතු සිදු නොවන්නේ 13 සහ 14 දිනයන්හි පමණි. මෙම සියලු ම පාසල් ලබන 16 වැනි දින නැවත විවෘත කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya