සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධාර බෙදීම හා ක්ෂේත්‍ර වැඩසටහන් මැතිවරණයෙන් පසුවට Featured

    ජනවාරි 05, 2015
    මේ වන විට සංවිධානය කොට ඇති රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය හා වෙනත් බඩු බාහිරාදිය ඇතුළු ද්‍රව්‍යමය ආධාර බෙදාදීමේ වැඩසටහන් හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා සිදු කෙරෙන ක්ෂේත්‍ර වැඩසටහන් ආදිය ජනවාරි 08න් පසුව ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    නමුත් පසුගිය දා අයහපත් කාලගුණිත තත්ත්වය නිසා අවතැන් වූ හෝ ආපදාවට ලක් වූ පුරවැසියන් සඳහා සහනාධාර ලබාදීමේ කටයුතුවලට මෙම නීතිය බල නොපාන නමුත් එවැනි අවස්ථාවලදී ද පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධන ක්‍රියා කිසිසේත් සිදු නොකළ යුතු බවද අවධාරණය කරයි.
     
    ජනාධිවරණයේ දී තරග කරනු ලබන අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය වන අයුරින් විවිධ ද්‍රව්‍යමය ආධාර බෙදාහැරීම, මුල්‍යමය ආධාර ලබාදීම සඳහා තොරතුරු රැස්කිරීම යනාදි අනීතික ක්‍රියා දේශපාලනඥයන් විසින් හෝ සමිති සමාගම් විසින් රජයේ හෝ පෞද්ගලික ස්ථානවලදී මෙන් ම විහාරස්ථාන, කෝවිල්, දේවස්ථාන, පල්ලි යනාදි ආගමික සිද්ධස්ථාන හරහා ද සිදුකරන බවට පැමිණිලි ලැබීමේ සීග්‍රතාව වැඩිවෙමින් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.
     
    රාජ්‍ය අංශයෙන් මහජනතාව වෙත ලබාදෙන සහනාධාර නිකුත් කිරීමට අදාළ කාර්යයන් පිළිබඳ ව ගෘහයෙන් ගෘහයට යන ක්ෂේත්‍ර නිලධාරීන් විසින් දේශපාලනමය ප්‍රචාරක කටයුතු සිදුවන අයුරින් ද්‍රව්‍යමය ආධාර, අපේක්ෂක ඡායාරූප හා අත්පත්‍රිකා බෙදාහරිනු ලබන බවට ද පැමිණිලි ලැබී තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya