සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශිෂ්‍යභට බලකායේ වාර්ෂික මහා සම්මේලනය කොළඹ මියුසියස් විද්‍යාලයේ දී

    ජනවාරි 02, 2015
    ජාතික ශිෂ්‍යභට බලකායේ වාර්ෂික මහා සම්මේලනය පසුගියදා කොළඹ මියුසියස් විද්‍යාලයේ පීටර් ද ආබෲ ශ්‍රවණාගාරයේ දී ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
     
    මේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) එස්. හෙට්ටිආරච්චි මහතා සහභාගී විය.
     
    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිෂ්‍යභට බලකාය පාසල්වල සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ විනය හා නායකත්ව ගුණාංගයන් වර්ධනය කරන ගමන් ම මේ රටේ හරයාත්මක වටිනාකම් හා ජාතික අවශ්‍යතාවන් හඳුනාගෙන ඒ සඳහා අප රටේ තරුණ ජවය හැඩගස්වන ආයතනයකි.
     
    දෙමාපියන්ට වඩා ඉදිරියෙන් සිටින දරු පරපුරක් යන්න ජාතික ශිෂ්‍යභට බලකායේ දැක්ම වන අතර ප්‍රථම වාර්ෂික මහා සමුළුවේ අරමුණ වූයේ අනාගත පරපුර ආසියාවේ ආශ්චර්ය කරා ගෙනයාමේ බලවේගයක් ලෙස ක්‍රියාකිරීම උදෙසා ඇපකැපවීමෙන් ක්‍රියාකරන, වගකීමෙන් යුතු, සාමූහිකත්වය, අන්‍යෝන්‍ය සුහදත්වය හා අත්දැකීම්/ක්‍රමෝපායන් බෙදාගැනීම තුළින් දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කර ගන්නා සමබර පෞරුෂයකින් යුත් තරුණ පරපුරක් රටට දායාද කිරීම සඳහා බලකායේ සාමාජිකත්වය දැනුවත් කිරීමයි.
     
    මෙම වාර්ෂික මහා සම්මේලනයේ ප්‍රධාන දේශනය පැවැත්වූ ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් මහතා, එදා අද සහ හෙට යන මාතෘකාව ඔස්සේ සිය දේශනය පවත්වමින් හැමවිටම හොඳම දේ දරුවන්ට යන්න මුල්තැනෙහි ලා බලකාය විසින් ක්‍රියාකරනු ලබන බවත් බලකාය උදෙසා රජය විසින් වැය කරනු ලබන රාජ්‍ය දේපල හා මුදල් විනිවිදභාවයකින් යුතුව අප මාතෘ භූමියට අවශ්‍ය වන ආකාරයේ දරු පරපුරක් බිහිකිරීම උදෙසා වැය කරනු ලබන බවත් අප මාතෘ භූමියේ සංවර්ධනය, සෞභාග්‍යය හා නිදහස දිගටම පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය නායකත්වය විසින් ගෙන යනු ලබන ක්‍රියාමාර්ගය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා බලකායේ සියලූ ම නිලධාරීන්, තමන් හා සහයෝගයෙන් හා කැපවීමෙන් යුතුව ක්‍රියා කරනු ලබන බවත් මෙහිදී පවසා සිටියේය.
     
    මෙම සමුළුව අමතා ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනුශාසනාව සිදු කරන ලද අතර ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගම, නාලන්ද විද්‍යාලයේ විදුහල්පති බ්‍රවේ කර්නල් රංජිත් ජයසුන්දර, රාජකීය විද්‍යාලයේ විදුල්පති බ්‍රවේ කර්නල් උපාලි ගුණසේකර හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන මල්කාන්ති අබේගුණසේකර මහත්ම මහත්මීන් විසින් මෙහිදී හරවත් දේශන පවත්වන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා සමස්ත දිවයින ම ආවරණය වන පරිදි ශිෂ්‍යභට නිලධාරී/ නිලධාරිනීන්, විදුහල්පතිවරු, ගුරුභවතුන් හා දෙමව්පියෝ 3,000කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya