දිවයිනේ ප්රදේශ රැසකය බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීම නොහැකිවූවන් වෙනුවෙන් මෙම අතිරේක දිනය ක්රියාත්මක කරන අතර පසුගිය 23 සහ 24 යන දෙ දින තැපැල් ඡන්ද සලකුණු කිරීම වෙනුවෙන් ලබා දී තිබූ අතර පොලිස් නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට පසුගිය 26දා හා 30දා ද තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව සලසා තිබුණි.
එම දිනයන් හි තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයන් සඳහා අද දිනයේ ද ඡන්දය ප්රකාශ කිරීමට සියලු ම දිස්ත්රික් මැතිවරණ ලේකම් කාර්යාලවල දී අවස්ථාව හිමි වේ.
DB