සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වසර වෙනුවෙන් යුද හමුදා සිවිල් සේවකයන්හට ස්ථීර පත්වීම්

    ජනවාරි 02, 2015

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද 2015 අය-වැය යෝජනා අනුව යුද හමුදා  සේවයේ නියුතු  3,100ක් පමණ වූ සිවිල් සේවකයන් හට පසුගිය බදාදා ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    මේ උත්සවයේදී යුද හමුදාපතිවරයා අතින් සංකේතාත්මකව සිවිල් සේවකයන් 150 දෙනෙකු පත්වීම් ලිපි ලබා ගත්හ.

    මෙම අවස්ථාව සඳහා  සියලු ම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරු,  සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ  ගාමිණී මහගමගේ, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල්  ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ, ප්‍රධාන මාණ්ඩලික අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, හමුදා ලේකම් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, අධ්‍යක්ෂ ප්‍රධාන මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත,  පිරිස් පරිපාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්. ධර්මරත්න,  අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya