සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික ආපදා නිසා දිවයිනේ නිවාස 6500කට පූර්ණ හානි - ජීවිත හානි 39ක්

    ජනවාරි 02, 2015

    පසුගිය දිනවල දිවයිනට බලපැවැත්වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති වූ ගංවතුර හා ජල ගැලීම්වලින් ද නායයෑම්, ඉවුරු කඩාවැටීම්, දැඩි වර්ෂාව නිසා ද නිවාස 6500කට පූර්ණ හානි සිදු ව ඇති අතර නිවාස 18013කට අර්ධ හානි සිදු ව ඇත.

    පූර්ණ හානි සිදු ව ඇති නිවාස 5172ක් ම වාර්තා වන්නේ නැඟෙනහිර පළාතෙනි.

     

    මේ වනවිට ගංවතුර බැස යාම නිසා ආරක්ෂිත ස්ථානවල සිටි ජනතාව යළි සිය වාසස්ථාන කරා යමින් සිටී. පසුගිය දෙසැම්බර් 29 වැනිදා වනවිට ආරක්ෂිත ස්ථාන 621ක පවුල් 33915ක 117544 දෙනෙකුට නවාතැන් සලසා දී තිබුණි. ඊයේ (01) වනවිට ආරක්ෂිත ස්ථාන ගණන 363 දක්වා අඩුව තිබූ අතර එහි රැකවරණය ලබන පිරිස 50832 දක්වා අඩු වී තිබුණි.

     

    ආරක්ෂිත ස්ථානවල සිටින ජනතාවට පිසූ ආහාර හා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නොකඩවා සිදු කෙරේ. විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා රජයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර තිබේ.

     

    දකුණු, බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු, මධ්‍යම, වයඹ, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වලින් ආපදාවට ලක් වූවන් වාර්තා වූ අතර ජීවිත හානි 39ක් ද තුවාලකරුවන් 20ක් හා අතුරුදහන් වූවන් 2ක් ද වාර්තා වේ.

     

    පසුගිය දිනවල සිදු වූ ස්වභාවික ආපදාවන් නිසා දිවයිනේ පවුල් 311,623ක සාමාජික සාමාජිකාවන් 1121579 දෙනෙක් ආපදාවලට ලක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya