සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක හතරක අධි අවදානම් කලාපවලින් තාවකාලිකව ඉවත්වන්න Featured

    ජනවාරි 01, 2015

    දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය අනතුරු අඟවයි.

    එහි අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා අද (01) පස්වරු 5.00ට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයෙහි මේ බව දැක්වේ.


    නුවරඑළිය, මාතලේ, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල පහත දැක්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අධි අවදානම් කලාප හෝ ස්ථාන ලෙස නම් කර ඇති ස්ථානවල / ප්‍රදේශවල සිටින මහජනතාව තාවකාලිකව එම ස්ථානවලින් ඉවත්වීමට කටයුතු කරන ලෙස අවධාරණය කෙරේ.
     

    මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් රත්තොට, උකුවෙල, මාතලේ, අඹන්ගඟ කෝරළේ, ගලේවෙල, ලග්ගල පල්ලේගම, යටවත්ත, පල්ලේපොළ, විල්ගමුව, නාඋල ඇතුළු සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.


    මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ විශේෂයෙන් නුවර - මහියංගනය හා රන්දෙනිගල හරහා නුවර - බදුල්ල මාර්ග.


    බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඇල්ල - වැල්ලවාය මාර්ගය, බදුල්ල - මහියංගනය මාර්ගය, ඇටම්පිටිය හරහා හැලිඇළ - නුවරඑළිය මාර්ගය.


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස. නුවර - නුවරඑළිය (රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල, වලපනේ සහ රාගල හරහා) මාර්ගය,  නුවරඑළිය - හැටන් මාර්ගය, විශේෂයෙන් තලවකැලේ - නුවරඑළිය කොටස සහ බංගලාහත ප්‍රදේශය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya