සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදය කාලයේදී බස්නාහිර - සබරගමුව සහ ගාල්ල - මාතරට වැසි Featured

    ජනවාරි 02, 2015

    අද (02) උදය කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට රත්නපුරයට නුවරඑළියට මහනුවරට යාපනයට හා මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.

    කොළඹට ගාල්ලට උදේ වරුවේ වැසි ඇති වේ.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C කොළඹ, ගාල්ල, රත්නපුර සහ අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 1.9ක වර්ෂාපතනයක් මඩකළපුව සහ බන්ඩාරවෙලින් ද මි.මී. 23.7ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද වාර්තා වී තිබේ. අනෙකුත් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.9°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.2°C නුවරඑළියෙන් ද මි.මී. 108.5ක උපරිම වර්ෂාපතනය වැල්ලවාය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya