සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අපේක්ෂිත ඉලක්කයන් දිනාගැනීම සඳහා වඩා කැපවීමෙන් යුතුව වැඩ කරමු - ආරක්ෂක ලේකම්තුමා

    ජනවාරි 01, 2015
    රටේ සංවර්ධනය වෙනුවෙන් තමන්ගේ සේවය වඩා කැපවීමෙන් යුතුව නොකඩවා ඉදිරියටත් කරගෙන යායුතු බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද  (01) නව වසරට වැඩ අරඹමින් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවතී චාම් උත්සවයකදී පැවසීය.
     
    මෙහිදී ජාතික ගීය ගැයීමෙන් අනතුරුව නව වසර වෙනුවෙන් "රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව දිවුරුම" ලබාදීම ද කාර්ය මණ්ඩලයේ සියලු ම දෙනා විසින් සිදු කරන ලදී.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවකයන් හැටියට අප අතින් මෙරට සංවර්ධනය වෙනුවෙන් විශාල සේවයක් ඉටුවන බවත් තමන් සිදුකරන සියලු කටයුතු රටේ ඇති ජාතික ඉලක්කයන් සපුරාලීම සඳහා වඩා හොද ප්‍රතිඵල ගෙනදෙන ලෙසින් පසුගිය වසරට වඩා මේ වසරේ හොඳින් සිදු කිරීමට සිතට ගත යුතු බවත්ය. පසුගිය වසරේදී අමාත්‍යාංශය යටතේ ඇති සියලු ම ආයතනවලින් කරන ලද කාර්යයන් තුළින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවූ බවත් ඒ පිළිබඳ ව සියලු දෙනා වෙත සිය ස්තූතිය පිරිනමන බවත් රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේය.
     
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක වන සියලු ම ආයතනවල නිලධාරීන් හා සේවකයන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමජිකයන්ටත් ඉතා සුබ හා වාසනාවන්ත නව වසරකට ආශිර්වාද කරන බව ද මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
     
    මේ අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ , අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. හෙට්ටිආරච්චි, හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු, , ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ යන මහත්ම මහත්මීහු ඇතුළු ආරක්ෂක අමාත්‍යාං‍ශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීහු මෙන්ම අමාත්‍යාංශයේ කාර්යමණ්ඩල සාමාජිකයෝ  සහභාගී වූහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya