සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්විත්ව පුරවැසිභාවය නැවතත්

    ජනවාරි 01, 2015
    මෙරට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම 2011 වසරේ සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර පසුගිය දෙසැම්බර් 29 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව නව ක්‍රමවේදයක් අනුව නැවත ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට කටයුතු කිරීමට තීරණය කර ඇත. රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද යෝජනාවකට සහ ඉල්ලීමකට අනුව නැවත මෙම ක්‍රමය ඊයේ (31) සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව මෙතෙක් පැවති සරල ක්‍රමවේදය අවලංගු වේ.
     
    අනෙකුත් රටවල ක්‍රියාත්මක ආකාරයට වසර 05ක ස්ථිරවාස වීසා ප්‍රදානය කොට ඉන් අනතුරුව අයදුම්පත් කැඳවා සුදුසුකම් සලකා බැලීමෙන් අනතුරුව පුරවැසිභාවය ලබාදීම සිදු කෙරේ. නමුත් විදේශගත ශ්‍රී ලාංකික පිරිස් ජනාධිපතිතුමන්ගෙන් කරන ලද බලවත් ඉල්ලීම මත ද්විත්ව පුරවැසිභාවය ඍජුවම ලබාදීමට ද නැවත කටයුතු කෙරේ. මෙහිදී අයදුම්කරුගේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය මඟින් පත්කරන ලද කමිටුවක නිර්දේශයෙන් අනතුරුව පමණක් ඍජුවම ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට පමණක් ක්‍රියාත්මක වේ.
     
    පැවති ආගමන විගමන නීතිරීති අනුව අවස්ථා දෙකක දී කෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඉල්ලීමේ හැකියාව තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ උපන් කෙනෙක් විදේශයක පුරවැසිභාවය ලබාගැනීමේදී මෙරට පුරවැසිභාවය අවලංගු වීමෙන් අනතුරුව සහ ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෙනෙක්ට පිටරටක පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණ ඇති ව ලංකාවේ පුරවැසිභාවය තබාගැනීම යන කාරණා දෙක යටතේයි.
     
    මෙහිදී සියලු ම අයදුම්පත් ඒ ඒ රටවල විදේශ දූත මණ්ඩලවල අනුමැතිය ඇති ව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු අතර නව ක්‍රමවේදය යටතේ ඉල්ලීම් කරන සියලු ම දෙනා සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත්වීම ද අනිවාර්ය වේ. රටවල් 12ක් ද්විත්ව පුරවසිභාව පිළිබඳ ව කටයුතු කරන අතර ඒ අතුරින් මේ වනවිට එම නීතිය ක්‍රියාත්මක වන්නේ රටවල් 10ක පමණි. ආසියාතික රටවල් සහ මැදපෙරදිග රටවල් මේ වනතුරු ඔවුනගේ ද්විත්ව පුරවැසි නීතිරීති විවෘත කොට නොමැත.
     
    පවත්නා නීතිරිතී යටතේ මේ වනවිට එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, නොර්වේ සහ ස්වීඩනය යන රටවල මේ වන විට ද්විත්ව පුරවැසිභාවය සලකා බලන අතර ඒ අතුරින් ඇතැම් රටවල් ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය ක්‍රමිකව සිය ආගනම විගමන නීතිරීතිවලින් ඉවත් කරමින් සිටී.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya