පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තම සහතික කිරීමේ නිලධාරී කාර්යාලවලදී හෝ ඊයේ (30) දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වූ විශේෂ දිනයක් ජනවාරි 03 දිනට යොදා ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්රික්කයේ, දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේ දී එම පහසුකම් ලබන 03 දින පෙරවරු 8.15 සිට පස්වරු 4.15 දක්වා සලසා ගත හැකි බව ද දැනුම් දෙයි.
NDH