සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදය කාලයේදී නිරිතදිග වෙරළ තීරයේ වැසි ස්වල්පයක්

    ජනවාරි 01, 2015

    අද (01) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේ නමුත් උදය කාලයේදී නිරිතදිග වෙරළ තීරයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව අපරභාගයේදී හෝ සන්ද්‍යා කාලයේදී ඌව පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට කොළඹට ගාල්ලට රත්නපුරයට නුවරඑළියට මහනුවරට මඩකළපුවට ත්‍රිකුණාමලයට යාපනයට හා මන්නාරමට ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C කොළඹ, ගාල්ල, රත්නපුර සහ අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 05.30ට වනවිට තුළ ප්‍රධාන කාලගුණ මධ්‍යස්ථානවල වාර්තා වූ වර්ෂාපතනයන් මෙසේය:

    මි.මී. 6.9ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 48.0ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 18.8ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 7.3ක වර්ෂාපතනයක් කටුනායකින් හා නුවරඑළියෙන් ද මි.මී. 17.7ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද මි.මී. 3.1ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 38.3ක වර්ෂාපතනයක් මොනරාගලින් ද වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.7°C හම්බන්තොට ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.2°C නුවරඑළියෙන් ද මි.මී. 5.0ක උපරිම වර්ෂාපතනය මොනරාගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya