සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්වවිද්‍යාල සමීක්ෂණය අනුව ජනපතිට 53%ක ජයග්‍රහණයක්

    දෙසැම්බර් 31, 2014
    2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය මඟින් කරන ලද සමීක්ෂණයක් අනුව මුළු දිවයිනෙන් ම 53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
     
    ඒ මහතා මේ බව පැවසුවේ අද (31) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.
     
    එම සමීක්ෂණය අනුව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවන්නේ 44%ක ඡන්ද ප්‍රතිශතයකි. 3%ක් පමණ ඡන්දය නොදෙන කණ්ඩායමට අයත් විය හැකි බව ද ඔහු කීය.
     
    අදියර 02ක් යටතේ මේ සමීක්ෂණය සිදු කර ඇත. මෙහි එක් අදියරක් නාමයෝජනා දීමට පෙර සිදු කර ඇති අතර එහිදී ලංකාවේ ජනප්‍රිය දේශපාලන චරිතය පිළිබඳ සමීක්ෂණයක් සිදු කෙරිණි. දෙවැනි අදියර යටතේ මැතිවරණ ව්‍යාපාරය ඇරඹූ පසු දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරා ගත් නියැඳියක් අනුව 5,000ක් දෙනා සමීක්ෂණයට භාජනය කෙරිණි. අලුත් ඡන්ද නාමලේඛනය පදනම් කර ගනිමින් ජනවර්ග ස්වභාවය, ස්ත්‍රී පුරුෂ භාවය, ජනගහන සංයුතිය, වෘත්තීය ස්වභාවය හා වයස් කාණ්ඩය පදනම් කර ගනිමින් මේ සමීක්ෂණය කරන ලද අතර සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් සමීක්ෂණය සිදු කෙරිණි. මේ සමීක්ෂණයේදී 5%ක් කිසිදු අදහසක් දක්වා නැති බවත් රටේ දේශපාලන වාතාවරණය පිළිබඳ යම් ප්‍රකාශයක් මේ සමීක්ෂණය හරහා පෙන්වා දෙන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya