සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ජනවාරි 05 දින මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් Featured

    දෙසැම්බර් 31, 2014
    ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල 2015 ජනවාරි 06 දින මධ්‍යම රාත්‍රිය තෙක් පවත්වාගෙන යා හැකි නමුත් ඒවායේ ප්‍රචාරක කටයුතු 2015 ජනවාරි 05 දින මධ්‍යම රාත්‍රියෙන් පසු පවත්වාගෙන යා නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරයි.
     
    2015 ජනවාරි 05 දින මධ්‍යම රාත්‍රියෙන් පසු කිසිදු මැතිවරණ කොට්ඨාස මට්ටමේ මධ්‍යගත කාර්යාලයක, ඡන්ද ප්‍රදේශ කාර්යාලයක හෝ කිසිදු අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක ප්‍රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශනය කළ නොහැක. එබැවින් එවැනි ස්ථානවල ඇති සියලු ම ප්‍රචාරක පුවරු හා සැරසිලි 2015 ජනවාරි 05 දින මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කරගන්නා ලෙස සියලු ම අපේක්ෂකයන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
     
     
    2015 ජනවාරි 06 දින පෙරවරුවේ මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමට දිස්ත්‍රික්/ ප්‍රාදේශීය මූලස්ථානවල පොලිස් නිලධාරීන්ගෙන් හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් පැමිණෙනු ඇත. අවසරලත් නිවේදිත පක්ෂ කාර්යාලවල ඇති ප්‍රචාරක පුවරු ඉවත් කරවීම ජනවාරි 06 දින සිට සිදු කරනු ලැබේ. 
     
     
    එමෙන්ම 2015 ජනවාරි 07 දින පෙරවරුව වනවිට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති පක්ෂ කාර්යාල ද ඉවත් කර ගත යුතු අතර, ඡන්ද විමසීම් නීතියට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන කාර්යාල වෙතොත් ඒවා ඉවත් කිරීමට ද පියවර ගනු ලැබේ.
     
     
    සාමකාමී හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කරනු වස් ඉහත කරුණුවලට අනුකූලතාව දැක්වීමෙන් සහයවන ලෙස සියලු ම අපේක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
     
     
    තරග කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා එම පක්ෂවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ස්වකීය අපේක්ෂකයන් හා ක්‍රියාකාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ක්‍රියා කරනු ඇතැයි ද කාරුණිකව අපේක්ෂා කෙරේ.
     
    SDF
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya