සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිබරල් ජාත්‍යන්තරයෙන් මිලියන 620ක් ශ්‍රී ලංකා ලිබරල් පක්ෂයට

    දෙසැම්බර් 31, 2014

    විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්‍රහණය සඳහා වියදම් කිරීමට ජර්මනියේ ෆෙඩ්රික් නියුමන් පදනම මගින් රුපියල් ලක්ෂ 6,200ක් ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සභාව (CLD) වෙත ලබාදී තිබෙන බව ජර්මන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

    ජර්මන් රජයේ අනුග්‍රහය යටතේ ෆෙඩ්රික් නියුමන් පදනම මෙසේ යුරෝ ලක්ෂ 3,878,145ක් මුදලක් ඉන්දියාවේ දිල්ලි නුවර ෆෙඩ්රික් නියුමන් කාර්යාලයට යොමුකර ඇති අතර එය උණ්ඩි ක්‍රමයට (හොර රහසේ) ශ්‍රී ලංකාවට යොමුකර තිබේ.

     

    මින් රුපියල් මිලියන 300ක් වෙන්කර ඇත්තේ සන්ධානයෙන් එජාපයට ගිය මන්ත්‍රීවරුන් වන වසන්ත සේනානායක සහ මහාචාර්ය රජීව් විජේසිංහට ලබාදීම සඳහාය. ඉතිරි මුදල වන රුපියල් මිලියන 320 ඉදිරියේ පැවැත්වෙන  ජනාධිපතිවරණයේදී වෙනසක අවශ්‍යතාව සහ මෛත්‍රීපාල ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ උද්ඝෝෂණ සඳහා වෙන්කර ඇති බව ව්‍යාපෘති වාර්තාවේ සඳහන්ය. නැගෙනහිර ජර්මන් පාලනය බිඳ දැමීමටද පුරෝගාමී සේවාවක් ඉටු කළේ බටහිර ජර්මනියේ ෆෙඩ්රික් නියුමන් පදනමය.

     

    ශ්‍රී ලංකාවේ ලිබරල් පක්ෂය ආචාර්ය චානක අමරතුංග විසින් ඇරඹූ අතර දැන් එහි සභාපති වසන්ත සේනානායක වන අතර නායකයා ලෙස රජීව විජේසිංහද මහලේකම් ලෙස කමල් නිශ්ශංකද කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya