සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝටි 10ක වංචාවක් පිළිබඳ හිටපු ධීවර ඇමතිට චෝදනාවක්

    දෙසැම්බර් 31, 2014

    හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න එහි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවර ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දි ඉතා සුක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදුකර ඇති බවත් සියලු සාක්ෂි සමඟ එය ඔප්පු කළ හැකි බවත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දෙසැම්බර් 29වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා ප්‍රකාශ කළේය.


    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුරුද්ධ පොල්ගම්පොල මහතා කියා සිටියේ රාජිත සේනාරත්න ධීවර  ඇමැතිවරයාවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවරයන්ට මුහුදු ගමන්වලදි අවශ්‍ය වන ජීවිතාරක්ෂක කබා සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ඒ සඳහා ආයතන 4ක් ඉදිරිපත් වී ඇති බවත් අවසානයේ ටෙන්ඩරයේ හිමිකම ලැබී ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ “කැන්ගරු” ආයතනයටය. ඒ අනුව රාජිත සේනාරත්න විසින් එම ආයතනයට පළමු වාරයේ දි කබා 29,925ක ඇනවුමක් භාර දී ඇති අතර, පසුව අමාත්‍යවරයා උදිත අනුරාධ ලවා රුපියල් 2,696කට මේම කබා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම කැන්ගරු ආයතනය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අදාළ ආයතනයෙන් මේ ඉල්ලීම කර ඇතත් ඒ අවස්ථාවේ දි ද ආයතනය ප්‍රතික්ෂේප කොට තිබේ.


    පසුව රාජිත කැන්ගරු ආයතනයේ ලේබලය භාවිත කරමින් චීනයෙන් ජීවිතාරක්ෂක කබා ගෙන්වා ඒ සඳහා අවශ්‍ය පැඩින් ලංකාවේ ප්‍රමිතියෙන් බාල වර්ගයක් යොදා නිෂ්පාදනය කොට ඇති අතර, ඒවා ධීවරයන්ට ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙම කබා පැය 72ක ආරක්ෂාවක් ලබා දෙන අතර, ඇමතිවරයා නිෂ්පාදනය කර වු ප්‍රමිතියෙන් බාල කබා මගින් පැය 2කට පමණක් ආරක්ෂාවක් ලැබුණු බවත් එවකට රට පුරා ධීවර ජනතාවගෙන් චෝදනා ලැබී ඇත. මෙහි  දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්‍රදේශයේ සමහර ධීවරයන් මියගිය බවද අනාවරණය වී ඇත.


    මීට අමතරව දෙවන වාරයේ දි කබා 18,864ක් නිෂ්පාදනය කර චීනයෙන් ගෙන්වා ඇති අතර රුපියල් 1,000ක තරම් ඉතා අඩු මිලකට කබා ධීවරයන්ට ලබා දී ඇත. මෙම ඇනවුම් දෙක මගින් රාජිත සේනාරත්න ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටි 10කට අධික වංචාවක් සිදු කර ඇති බව සියලු සාක්ෂි අනුව හෙළිදරව් කළ හැකි බව අනුරුද්ධ පොල්ගම්පොල මහතා අවධාරණය කළේය. තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න විසින් චීන වෙළෙදුන්ට මෙරට මුහුදේ හොර රහසේ මාළු ඇල්ලීමට ඉඩ දුන් බවයි. හිටපු ආමාත්‍යවරයා විසින් සිදුකළ කෝටි 10කට අධික වංචාව පිළිබඳ ව තමා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පසුගිය 23 වෙනිදා සියලු සාක්ෂි සමග පැමිණිලි කළ බව හෙතෙම අවධාරණය කළේය.


    මෙම තත්ත්වයෙන් පසු කැන්ගරු ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ගොඩකන්ද ආරච්චි මහතාට රාජිත සේනාරත්න ඇතුළු පිරිස විසින් මැර තර්ජන එල්ල කොට ඇති බවත් අනුරුද්ධ පොල්ගම්පොළ විසින් හෙළිදරව් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya