සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    දෙසැම්බර් 31, 2014

    අද (31) කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සුළං වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

     

    මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක්  රළු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya